ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමික කටයුතු වලට වගේම ආහර රසගැනිවීමට ,වර්ණගැන්වීමට නිල් කටරොළු බහුලවම යොදාගැනීම සිදු කරනවා.

නිල් කටරොළු බුදුන් පිදීමට ගැනීම සදහා නිවෙස් වල වගාව  ප්‍රධාන වශයෙන්ම සිදු කරනවා. මෙහි ඉතා වර්ණවත් බව නිසාම බෝධි පූජා , විශේෂයෙන්ම විෂ්ණු පූජා පැවැත්වීමට ගැනීම සිදු කරනවා .

වැල් ජාතියක් ලෙස වර්ධනය වන කටරොළු අතීතයේදී කෘෂි වගා කටයුතුවලදී කෘමී විකර්ෂකයක් ලෙස යොදාගෙන තිබෙන්නෙ එහි ඇති විශේෂිත ප්‍රෝටීනයක් නිසාවෙනි. එමෙන්ම රළු පස සරු කරන හැකියාවකින්ද යුතු වෙයි. මල් ,මුල්,කොල,පොතු, ඇට යන පංචාංග වල ඖෂධ ගුණයන් අන්තර්ගත වන අතර නිසි ප්‍රතිඵල ලබාගැනීමට භාවිත කරන ආකාරය දැන සිටිය යුතුය. 

  • නිල් කටරොළු රෝග සදහා ගැනීම 
  • ආයුර්වේද ග්‍රන්ථ වල සදහන් වන පරිදි කටරොළු රක්ත ,වාත, පිත රෝග වලට අති ප්‍රබල ඔසුවක් ලෙස ක්‍රියා කරයි. 
  • කටරොළු මුල් වියලා කුඩු කර එයින් ග්‍රෑම් 1-3ත් අතර ප්‍රමාණයක් උණුවතුර සමග එක් කොට දිනපතා පානය මගින් කැස්ස, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සෙම් රෝග නිසැකයෙන්ම සුව වේ.  පංචාංග කොටස් තම්බා කසාය ලෙස පානයෙන් ශරීරයෙ සෙම ඉවත් කල හැක.එමෙන්ම මුල් වේලා කුඩු කර දුම් ඇල්ලීමෙන්ද සෙම දුරු කල හැක.
  • කටරොළු මුල් කෂාය කෘමි සතුන්, සර්පයින් දෂ්ඨ කිරීම් වලින් ඇතිවන විෂ නැති කිරීමට හැක.
  • කටරොළු පංචාංගයම ගලේ අඹරා තලපයක් ලෙස ගෙන අර්ශස් ලේ ගැලීම් සහ අර්ශස් ගෙඩි ඇති ස්ථාන වල ආලේපයෙන් සුවපත් කරගත හැක.
  • කටරොළු කෂාය ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයේම වන්ධ්‍යාභාවය නැති කිරීමට , ගර්භාෂ රෝග, ආර්තව වේදනාව ,ශරීර ඉදිමුම් වේදනාවට ගැනීම කදිමය.
  • කටරොළු කොල කිහිපයක් තලා බිංදු දෙකක් නාසයෙන් ඉහලට ඇදීම මගින් තද හිසේ කැක්කුම් සුව කරගත හැක.
  • කටරොළු වියලි මුල් ,පොතු හොදින් අඹරා තලපයක් ලෙස සකසා  මී පැණි සහ ගිතෙල් සමග ආහාරයට ගැනීමෙන් ආමාශගත තුවාල සුව කර ආහාර මාර්ග පද්ධතිය නීරෝගී කරයි. ගැස්ට්‍රයිටිස් සදහා කදිමය. 
  • තවද නිල් කටරොළු මල් පානය වයස්ගත වීම පාලනය කොට තරුණ බව රැකදීමට උපකාර කරයි. ඉතා නීරෝගි දීප්තිමත් සමක්, නිල්වන් දිගු කෙස් කලඹක් ලබාගැනීමට උපකාරී වේ.
  • කටරොළු බීමක් ලෙස සහ කැද ලෙස සකසා නිතර පානය මගින් රුධිරගත සීනී පාලනය කරමින් ප්‍රතිඔක්සිකාරක හැකියාව ඉහල නංවයි. පිලිකා සෛල වර්ධනය අඩාල කරයි. තවද මානසික ආතතිය දුරු කොට මනසට සැහැල්ලු බවක් ලබා දීම සිදු කරයි.
  • නිල් කටරොළු පානය
  • අවශ්‍ය ද්‍රව්‍ය : නිල් කටරොළු මල් 5ක් , සීනි තේ හැන්දක් , ලුණු ස්වල්පයක් , දෙහි ස්වල්පයක්.
  • උතුරන වතුර වීදුරුවකට මල් දමා විනාඩි 10ක් තිබෙන්න හරින්න. පසුව මල් ඉවත් කොට සීනි, ලුණු ,දෙහි එක් කොට මිශ්‍ර කර පානයට ගන්න.
  • නිල් කටරොළු කැද
  • අවශ්‍ය ද්‍රව්‍ය : නිල් කටරොළු යුෂ කෝප්ප 1/2ක්, කැකුලු හාල් කෝප්පයක් ,මිටිකිරි කෝප්පයක් , දියකිරි කෝප්ප 4ක්, සුදු ළූනු බික් 4ක් , ලියාගත් රතු ළූනු ගෙඩි 3ක් , ලුණු ස්වල්පයක් .
  • පලමුව සෝදාගත් හාල් දිය කිරෙන් ලිපෙ තබන්න. බත තැම්බුනු පසු එයට සුදු ළූනු රතු ළූනු එක් කර මද වේලාවක් තැම්බෙන්නට තබා පොල් කටු හැන්දෙන් බත පොඩි කර එයට කටරොළු යුෂ එක් කරන්න. පසුව රස අනුව ලුණු යොදන්න. මිටිකිරි උතුරන විට ලිපෙන් බාගන්න