Monday, May 10, 2021

ඔබේ දත් සුදු කර ගැනීමට නිවසේම කලහැකි ස්වාභාවික ක්‍රම 8 ක්

 

ඔබේ දත් සුදු කර ගැනීමට නිවසේම කලහැකි ස්වාභාවික ක්‍රම 8 ක්

අපේ දත් කියල කියන්නත් අපේ සුන්දරත්වයේ කොටසක්. ඒ වගේම අපේ දත් වල පිරිසිදු කම අපේ ශරීරයේ නිරෝගි කමටත් බොහෝ වැදගත් වෙනවා. මේ නිසාම අපි අපේ දත් සුදු කර ගැනීම සදහා විවිධ දේවල් අනුගමනය කරන අතරම මේ සදහා බොහෝ වියදමුත් කරනවා. නමුත් ඔබ දන් නැති උනාට අපේ දත් වලට දිලිසෙන සුදු පෙනුමක් ලබා ගැනීමට හැකි අමුද්‍රවයය අපේ නිවසේම තිබෙනවා. ඔබ සිතන් නැති උනාට අපේ නිවසේ තිබෙන දේවල් භාවිතා කරලා බොහෝ දේවල් සිදු කර ගන්න හැකියාවක් පවතිනවා. අද අපි ඔබට අරගෙන ආවේ ඔබේ නිවසේ තිබෙන ද්‍රවයය භාවිතා කරලා නිවසේදීම ඔබේ දත් සුදු කර ගැනීම සදහා කර ගත හැකි සත්කාර කිහිපයක් පිළිබදව. ඔබටත් මෙය බොහෝ වැදගත් වෙනවා නම් නොඅනුමානයි. කියවලම බලන්නකෝ.

01. ඉඟුරු සහ ලුණු

අවශ්‍ය දේ: ඉඟුරු, ලුණු සහ ලෙමන්

භාවිතා කරන ආකාරය ; ප්‍රථයෙන්ම ඉගුරු කැබැල්ලක් තලා ගන්න පසුව ලුණු තේ හැන්දක 1/4 ක් ගෙන ඉඟුරු වලට එකතු කර ගන්න. ලෙමන් පෙත්තක් කපා මීට යුෂ එක් කර ගැනීම සිදු කරන්න. නැවත හොඳින් මිශ්‍ර කර දත් බුරුසුවකින් ආලේප කර ගැනීම කරන්න.

02. කාවොලින් මැටි

අවශ්‍ය දේ: කාවොලින් මැටි

භාවිතා කරන ආකාරය ; ඔබ ප්‍රථමයෙන් කල යුත්තේ ඔබේ දත් මත කාවොලින් මැටි ආලේප කිරීමයි. පසුව දත් බුරුසුවක් ගෙන හොදින් මැදගන්න. මතක තබා ගන්න ඔබ මෙය කල යුත්තේ මෘදුවයි. වැඩි පීඩනයක් යෙදවීමට මෙහිදී උත්සහ කරන්න එපා. අවසානයේ ඔබේ මුකය පිරිසිදු ජලයෙන් සෝදා ගන්න.

03. එප්සම් ලුණු

අවශ්‍ය දේ: එප්සම් ලුණු, ජලය

භාවිතා කරන ආකාරය ; ලුණු සහ ජලය සම සමානව ගෙන එය මිශ්‍ර කර ගන්න. පසුව ලුණු සම්පූර්ණයෙන්ම විසුරුවා හැරෙන තුරු ම බීට කර ගැනීම සිදු කරන්න. අවසානයේ මෙම මිශ්‍රනය ඔබේ දත් වල ආලේප කරන්න. ඔබට සුදුළූණු දැමූ පිරිසිදු ජලයෙන් ඔබේ මුකය පිරිසිදු කර ගැනීමටද හැකියාව ඇත.

04. නීම් කොළ

අවශ්‍ය දේ: නීම් කොළ, ජලය

භාවිතා කරන ආකාරය ; නීම් කොළ වතුර භාජනයකට දමා ගන්න. පසුව එය රත් කර ගන්න. දියර පිරිසිදු වන පරිදි එය වික්රියා කරන්න. පසුව මෙම ද්‍රාවණය සිසිල් කර සුදුළූණු එක් කර ගන්න.

05. ගම්මිරිස් කොළ සහ පොල්තෙල්

අවශ්‍ය දේ: ගම්මිරිස් කොළ, පොල්තෙල්

භාවිතා කරන ආකාරය ; ප්‍රථමයෙන් ඔබ ගම්මිරිස් කොළ අඹරා පොල් තෙල් වලට එක් කර ගන්න. මෙය හොදින් මිශ්‍ර කරන්න. පසුව මෙම මිශ්‍රනය දත් බුරුසුවකින් ඔබේ දත් වල ආලේප කර ගන්න. ගම්මිරිස් කොළ බොහෝ අවශ්‍ය වන්නේ නෑ. ඔබට අවශ්‍ය වන්නේ ගම්මිරිස් කොළ 3ක් 4ක් පමණි.

06. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සහ බේකින් සෝඩා

අවශ්‍ය දේ: හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්,බේකින් සෝඩා

භාවිතා කරන ආකාරය ; හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමඟ ෙබ්කිං සෝඩා 1: 2 අනුපාතයට මිශ්‍ර කර ගැනීම සිදු කරන්න. පසුව ඔබ මෙය බීට් කර ගැනීම සිදු කරගන්න පේස්ට් එකක් පැමිනෙන තුරුම. අවසානයේ ඔබේ දත් මෙම මිශ්‍රනය යොදාගෙන මැද ගන්න. මෘදු ලෙස මෙය සිදු කරන්න. පසුව ඔබේ මුඛය සෝදා හරින්න. මේ සදහා විශාල වතුර ප්‍රමාණයක් භාවිතා කරන්න.

07. කොකෝවා කුඩු

අවශ්‍ය දේ: කොකෝවා කුඩු සහ ජලය හෝ පොල්තෙල්.

භාවිතා කරන ආකාරය ; පොල්තෙල් හෝ ජලය සමග කොකෝවා කුඩු මිශ්‍ර කර ගන්න. පසුව මෙය බීට් කර ගැනීම සිදු කරන්න පේස්ට් එකක් සදා ගන්නා තුරුම. පසුව ඔබ එදිනෙදා දත් මැදගන්නා ආකාරයට ඔබේ දත් මැදගන්න.

08. විනාකිරි සහ බේකින් සෝඩා

අවශ්‍ය දේ: ෙබ්කිං සෝඩා, ඇපල් සයිඩර් විනාකිරි

භාවිතා කරන ආකාරය ; ප්‍රථමයෙන් ඇපල් සයිඩර් විනාකිරි තේ හැන්දක 1 ෙබ්කිං සෝඩා තේ හැන්දක 1 ක් මිශ්‍ර කර ගන්න. පසුව පේස්ට් එකක් පැමිණෙන තුරු බීට් කර ගන්න. පසුව මෙයින් ඔබේ දත් මැද අවසන් වී ඔබේ කට ජලයෙන් සෝදා ගන්න.

‌ඔබ මේවා භාවිතා කිරීමේදී මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමා මේවා දිනපතා භාවිතා කිරීම සුදුසු නොවේ. ඔබට මේවා සතියකට දෙතුන් වතාවක් භාවිතා කර පසුව විවේකයල් ලබන්න. ඔබ මෙය වහාම නැවැත්විය යුතුයි ඔබට වේදනවාක් දැනෙන වානම්.

ඔබ භාවිතා කරන වෙනත් ක්‍රම තිබෙනවා නම් අපිට කියන්න අමතක කරන් නැතුව.

No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...