Thursday, April 10, 2014

ඉක්මන් හා සරල - ලාංකීය Lion Dictionary

ඉක්මන් හා සරල - ලාංකීය Lion Dictionary


සිංහල පරිගනක මෘදුකාංග අතරට එකතු වූ නවතම පෙරලිකාර වැඩසටහන වන්නේලයන් සිංහල ඉංග්‍රීසි පරිගනක ශබ්දකෝෂය. වචනයක් ලබා දුන්නම එහි අර්තය සොයා දෙනවනම් එයට ශබ්දකෝෂය කියල කිව්වට මම මෙම වැඩසටහන මගින් වචනයක අර්තය සොයා දීමට අමතරව බොහෝපහසුකම් ලබාදීල තියෙනවා.
මේක 100% ලාංකීය නිර්මාණයක් !

Lion
 Dictionary එක පලවෙනි වරට Open කලාම එය System Try එක තුල සැගවෙනවා. ඉතින් ඔයාට හදිස්සියේම වචනයක අර්තය සොයන්න ඕන වුන ගමන් මොකද කරන්න ඕනේ.කෙලින්ම යතුරු පුවරුවේ F6 හෝ L යතුර තත්පර 2ක් ඔබාගෙන හිටියනම් ඇති. F6 නම් එබූ සැනින් Open වෙනවා. ක්ශනිකව වැඩසටහන සගවන්නේත් එහෙමයි. 


අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා.

මෙම වීඩියෝව මගින්  ක්‍රියාකරිත්වය ඔයාලට දැකගන්න පුලුවන්.


මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.නැහැ නේ.ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්.

උදා:  ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. 

දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා.
මේක වැඩ කරන්න නම් os එකට dot net framework 4 අවශයයි.dot net framework 4 ඇතුලත් සම්පූර්ණ Setup File එක නැති අයට හතින් ගන්න පුලුවන්. 
නමුත් මේ වෙන විටත් Dot Net 4 Install කරල තියෙන අයට මේ Setup එක Install කරන්න පුලුවන්.බැරි වෙලාවත් Dot Net නැත්නම් ස්වංක්‍රීය එය Download කරගෙන Install කරනවා. 

No comments:

Top

නිල් කටරොළු භාවිතයෙන් සුව කරගත හැකි රෝග 10ක්

  ඈත අතීතයේ සිටම ආයුර්වේදයට නැතුවම බැරි කටරොළු, අපරිජිතා, ගිරිකර්ණිකා, ගේ කූරනි යන නම් වලින් හදුන්වනවා. බොහොමයක් රෝග සුව කිරීමට , විවිධ ආගමි...